Sunday, March 12, 2017

වැහි වැටෙන හැම විටම




වැහි වැටෙන හැම විටම
හිත දුවනවා කොහෙද
අදත් ඉස්සර වගෙම
පොද වැස්සෙ තෙමෙනවද

නුඹ ලඟක නොසිටියත්
මතකෙ හැංඟී තවම
විටින් විට පාරවයි
හිත බොහොම සීරුවට

හැම මතක පරදමින්
නුඹට වෙන්වූ මතක
හිත් කොනක සුරකිමි
එය ඇතිය සදහටම

1 comment:

  1. මාත් මේ වගේම එකක් ලියල තියනවා.. තාම publish කරේ නෑ ...

    කාලයක් ගියත්
    තාමත් මහ වැහි වැටෙද්දි
    මට මතක් වෙන්නෙ
    එදා නුඹව
    තුරුල් කරගෙන
    එක කුඩයක් යටින්
    හෙමින් ඇවිදපු හැටි..
    හීරුවට හිත ඒ මතක
    තාමත් ..
    පරිස්සමට තියාගන්නෙ
    මම මටත් වඩා
    පෙම් කලේ නුඹට හින්දයි..

    ReplyDelete