Thursday, February 2, 2017

වැහිළිහිනියේ


වැහිළිහිනියේ
---------------
කොළඹ ආකාසයේ
වැහි හොයන වැහිළිහිනියේ
කැරකි කැරකී රවුම් ගැහුවට
වැහි නැද්ද තව හමු වුනේ

ගතු කියන හිත හීනයේ
නින්ද නෑ මේ යාමයේ
ඉකි බිඳින හඬ කළුවරේ
ලියයි විරහව කඳුලින් නෙතේ

හිතට වද දෙන පාළුවේ
ඉන්න බෑ තව නගරයේ
ඉගිල්ලෙන්නට මටත් හැකිනම්
යන්න යනවා පියඹා ගමේ