Tuesday, November 15, 2016

මේ කවිය නුඹටමයි




යන බවත් දැනගෙනම

මම නුඹට පෙම් කලා

මතකයට දී කඳුළු

යන්නටම නුඹ ගියා



සුවඳ රැඳිලා හිතේ

ආදරෙන් මත් වුනා

පුංචි කවි පද පේලි

නුඹෙ නමට ලිය වුනා



දුටුවොතින් මේ කවිය

ආයෙමත් ලං වෙලා

ආදරෙයි කියනවද

පිණි බිඳුව සේපාලිකා











Sunday, November 6, 2016

කඳුලු සඟවන්න










මම තෙමෙන මේ වැස්ස
නුඹත් දකිනවා ඇති
වැටෙන මේ කඳුලු කැට
නුඹ නිසා වෙන්න ඇති

මම කෙරුව ආදරය
නුඹට මදි වෙන්න ඇති
කඳුලු සඟවන්න තව
මේ වැස්ස හොඳටම මදි