Sunday, January 29, 2017

සිත නුඹව සොයනවා




කුමක්දෝ මතකයක්
තවම සිත නැවතිලා
සේපාලිකා මල් සුවඳ
තවම එහි හමනවා

වැහි වැටෙන හැමවිටම
නෙත් කඳුළු පුරනවා
නුවර වැව රවුම ලඟ
සිත නුඹව සොයනවා

Saturday, January 28, 2017

ඔබ එනවානම්







 පිච්ච මලක මුදු සුවඳ හමාවී

පිනි බිඳුවක හිම සිසිල දැනේවී

ජීවත් වෙන්නට නව පැතුම් පුරාවී

ඔබ එනවානම් යළි සතුට දැනේවී

Saturday, January 21, 2017

දේදුනු







මම දන්නව මේක අපි දකින ලස්සනම දේදුන්න නෙමේ කියල.පොඩි කැමරා ෆෝන් එකකින් ගත්ත නිකන් පිංතූරයක්.හැබයි මට මේ දේදුන්න කවදාවත් අමතක කරන්න බෑ.එහෙම කරන්න ඕන කමකුත් නෑ.මොකද මේ දේදුන්නටත් වැඩිය ලස්සන පාට මගේ ජීවිතයට එකතු වුන මතකයක ඇරඹුම ඔය දිනයත් එක්ක බැදිල තියෙන නිසා.දේදුන්නක් වගේම ඉක්මනට ජීවිතයෙන් මැකිල ගියත් ඒ මතකය වචන වලින් කියන්න බැරි තරම්ම ලස්සනයි.මම ලියන දේවල් වල ගොඩක් තැන්වල ඒ ගැන ලියවිල තියෙනව.
මේ දවස් වල දවල්ට එක පාරටම පොද වැහි වැටෙනව.පොඩි කාලේ වගේ එලියට බැහැල අහස දිහා බලන් ඉන්න නම් බැරිවේවි.එත් වෙලාවක් තිබ්බොත් කොහොම හරි බලන්න.ලස්සන දේදුන්නක් පායල තියෙන්න පුලුවන්.ඉස්කෝලෙ ගිහින් ලොකු ලොකු තියරි ඉගෙන ගන්න කලින් දේදුන්නත් හරිම පුදුමයක් වෙලා තිබුන ළමා කාලයක් මට තිබුන.අම්මල කියනව දේදුන්නට අත් දික් කරල පෙන්නන්න එපා කියල.ඉක්මනට දේදුන්න මැකිල යනවලු එතකොට. එහෙම ළමා කාලයක් ඔයාලටත් තිබ්බනම් ආයෙත් පොද වැස්ස වෙලාවට දේදුන්නක් බලන්න එලියට බහින්න දෙපාරක් හිතන්න එපා.මොකද දේදුනු අපි බලන්න එනකන් මග බලන් ඉන්නේ නෑ.මතක ඉතුරු කරල ඉක්මනටම මැකිල යන නිසා ......

Thursday, January 12, 2017

සිහිනවලදී සිහින දුටුවෙමි






සිහිනවලදී සිහින දුටුවෙමි
ඒත් සිහිනේ නුඹ නැතී
දුකක් දැනුනත් එයත් ඉවසමි
කොහේ හෝ නුඹ සතුටින් ඇතී

අමාවක සඳ එක්ක තනියට
පුංචි තරුවක් දිලෙනවා ඇති
ඒ වගේවත් ඉන්න ඇත්නම්
මමත් ඉන්නම් කොතනක හරී

පිණි වැටෙද්දී සුවඳ දෙන්නට
සේපාලිකා මල් පිපිලා ඇතී
දින ගනින්නේ නැතුව ඉන්නම්
ඔබ දකින්නට කවදා හරී