Saturday, January 21, 2017

දේදුනු







මම දන්නව මේක අපි දකින ලස්සනම දේදුන්න නෙමේ කියල.පොඩි කැමරා ෆෝන් එකකින් ගත්ත නිකන් පිංතූරයක්.හැබයි මට මේ දේදුන්න කවදාවත් අමතක කරන්න බෑ.එහෙම කරන්න ඕන කමකුත් නෑ.මොකද මේ දේදුන්නටත් වැඩිය ලස්සන පාට මගේ ජීවිතයට එකතු වුන මතකයක ඇරඹුම ඔය දිනයත් එක්ක බැදිල තියෙන නිසා.දේදුන්නක් වගේම ඉක්මනට ජීවිතයෙන් මැකිල ගියත් ඒ මතකය වචන වලින් කියන්න බැරි තරම්ම ලස්සනයි.මම ලියන දේවල් වල ගොඩක් තැන්වල ඒ ගැන ලියවිල තියෙනව.
මේ දවස් වල දවල්ට එක පාරටම පොද වැහි වැටෙනව.පොඩි කාලේ වගේ එලියට බැහැල අහස දිහා බලන් ඉන්න නම් බැරිවේවි.එත් වෙලාවක් තිබ්බොත් කොහොම හරි බලන්න.ලස්සන දේදුන්නක් පායල තියෙන්න පුලුවන්.ඉස්කෝලෙ ගිහින් ලොකු ලොකු තියරි ඉගෙන ගන්න කලින් දේදුන්නත් හරිම පුදුමයක් වෙලා තිබුන ළමා කාලයක් මට තිබුන.අම්මල කියනව දේදුන්නට අත් දික් කරල පෙන්නන්න එපා කියල.ඉක්මනට දේදුන්න මැකිල යනවලු එතකොට. එහෙම ළමා කාලයක් ඔයාලටත් තිබ්බනම් ආයෙත් පොද වැස්ස වෙලාවට දේදුන්නක් බලන්න එලියට බහින්න දෙපාරක් හිතන්න එපා.මොකද දේදුනු අපි බලන්න එනකන් මග බලන් ඉන්නේ නෑ.මතක ඉතුරු කරල ඉක්මනටම මැකිල යන නිසා ......

No comments:

Post a Comment