Saturday, March 25, 2017

පිණි බිඳුවකට ආදරෙන් ......





මහ රැයක තනිව උන්නා

පුංචි ලස්සන සේපාලිකා මලක්

ලඟට ඇවිදින් තනිය මැකුවා

ආදරෙන් සීතලම පිණි පොදක්

හිනැහුනා මල සිසිල විඳිමින්

අමතකව පිණි වියැකෙන බවක්

හිරු නැගෙද්දී සොඳුරු උදයේ

සැඟවුනා පිණි අතහැර මලක්

1 comment:

  1. නොදැන අරුණැලි මතක බැන්දා
    පුංචි සේපාලිකා මලක්
    නැවත එනු මැන යලි රාත්‍රියෙ
    බලන් ඉන්නවා මම ගොඩක්..

    ලස්සනට ලියලා තියනවා.. ජය!!

    ReplyDelete